දේශීය පුවත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනයට සහයෝගය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ ගෙන ඒම නිසා ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ හෙයින් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා විරෝධය පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සංශෝධන කිහිපයක් ඉදිරිපත් කළ බවත් ඒ සඳහා රජයෙන් සාධනීය ප්‍රතිචාර ලැබුණු බවත් හෙතෙම පැවැසීය. සියලුම පළාත් සභා එකම දිනයකදී පැවැත්වීමේ බලය පාර්ලිමේන්තුවට දීමේ තීරණයට තම සන්ධානය එකඟ නොවන බැවින් එය තීරණය කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමි විය යුතු බව දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා ඉදිරිපත් කරන සංශෝධන අතර වේ.
එමෙන්ම පළාත් සභාවක් වසර පහක් සපිරීමට පෙර විසුරුවා හැරියහොත් එම පළාත් සභාවේ බලය පාර්ලිමේන්තුවට ලබා නොදී විසුරුවා කාලය මාස 18 ට වැඩි නම් , අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු බව ද දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ සංශෝධන අතර වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...