ප‍්‍රධාන පුවත්

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට…රවි කරුණානායක මහතා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී යොදා තිබූ වැඩපිළිවෙළ අහෝසි කිරීමට අඟහරුවාදා (03දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟතාවක් ඇති වී තිබේ.

කැබිනට් තීරණ දැනුම් දුන් මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් කළ විමසුමේදී ඔහු සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ ඒ පිළිබඳ සාකච්ඡා කළත් කැබිනට් පත්‍රිකාවක් නොතිබූ නිසා තීන්දුවක් ගැනීමට හැකියාවක් නොතිබූ බවයි. මේ ක්‍රමය යටතේ විශාල මුදලක් වැය වන බව ඇමැතිවරුන් පෙන්වා දුන් බවත් කල්බදු ක්‍රමය වෙනුවට ඊට පෙර පැවැති ගෙවීම් ක්‍රමයට වාහන ලබා ගැනීමට සියලුදෙනා එකඟ වූ බවත් ඔහු කීවේය.
හිටපු මුදල් ඇමැතිවරයාගේ මේ ක්‍රියාදාමය ගැන දැඩි ලෙස විවේචනය කර ඇත්තේ එස්.බී. දිසානායක සහ දයාසිරි ජයසේකර ඇමැතිවරුන් විසින්ය. මෙය හිතවත් සමාගම් තුනකට පමණක් වාසි ලබාදී ඇති වැඩසටහනක් බව ඔවුන් චෝදනා කර තිබේ. මෙය මගඩියක් බව තමාටත් පේන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ප්‍රකාශ කොට ඇත.

වාර්ෂිකව ඇතැම් රාජ්‍ය ආයතනවලට සහ ඒවාට සම්බන්ධ ව්‍යාපෘතීන්හි ප්‍රයෝජනය සඳහා වාහන ලබා ගැනීමට අවශ්‍ය වූ විට භාණ්ඩාගාරයේ අනුමැතිය පරිදි ගෙවීමේ ක්‍රමයට වාහන මිලදී ගැනීම් සිදු විය. එහෙත් තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව සිය අභිමතය මත ආයතන 3ක් තෝරා ඉන් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීමට රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා කටයුතු කර තිබිණි. එම ආයතන රවි කරුණානායක මහතාගේ ව්‍යාපාරික හිතවතුන්ගේ බවටද චෝදනා එල්ල වී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...