දේශීය පුවත්

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඊයේ (13 දා) ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ ඇත.

ඔහු සමඟ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් තිදෙනකුද ජිනීවා නුවරට පැමිණ තිබේ.

සිවාජිලිංගම්ට සමගාමීව කොටි හිතවාදි සංවිධාන 6 ක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති අතර ඔවුන් ඊයේ දහවල් මානව හිමිකම් කවුන්සිලයේ 22 වැනි ශාලාවේදී හිටපු හමුදාපති ජගත් ජයසූරිය යුද අපරාධ සිදුකළ බව කියමින් සමාන්තර රැස්‌වීමක්‌ පවත්වා ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුව සැප්තැම්බර් 11 දා ආරම්භ වූ අතර 29 දා තෙක්‌ පැවැත්වේ.

මෙවර කොටි හිතවාදී සංවිධාන මානව හිමිකම් සමුළුව අමතන අතර ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ සිදුකළ බව කියමින් ඒ ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටින බවට වූ යෝජනාව යටතේ කරුණු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත.



සම්බන්ධ පෙර පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...