අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 155.05ක් ලෙසයි. ඉකුත් 03 වනදා රුපියල් 154.93ක් ලෙස ඩොලරයක විකුණුම් අගය සටහන් වී තිබේ.
මේ හේතුවෙන් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාම නිසා අහිතරකර ආර්ථික තත්ත්වයන් තවදුරටත් ඇති විය හැකි බවයි ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙති.
ඩොලරයේ අගය ඉහළ යෑම නිසා මේ වන විට රථවාහන වෙළඳපොළ තුළද දැඩි කැළඹිලි සහගත තත්ත්වයක් උදා වී තිබෙන අතර ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මේ වන විට කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක පවා මිල ගණන් ලක්ෂයකින් පමණ වැඩි වී ඇති බවය.
ඩොලරයේ අගය තව දුරටත් ඉහළ ගියහොත් වාහන මිල ගණන්ද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇති බවද ඔවුන් පෙන්වා දෙති.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...