ප‍්‍රධාන පුවත්

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබා දී තිබේ.

ඒ අනුව විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම එක් එක් වැරදිකරුවන් විසින් ඇයගේ පවුලට මිලියනය බැඟින් වන්දි ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ.

එමෙන්ම මෙම මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මිලියනය බැඟින් වන්දි ලබාදීමට අපොහොසත් වුවහොත් තවත් අවුරුදු 2ක සිර දඬුවමක් ඔවුන්ට හිමිවනු ඇත.

මේ අතර මොවුන්ට රුපියල් 40,000 බැඟින් දඬ මුදලක් ගෙවීමටද නියෝග කර තිබේ.

යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය – කයිට්ස් – පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ නඩු පවරා තිබුණි.

අධිකරණ ඉතිහාසයේ පළමුවරට යාපනය මහාධිකරණයේදී ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වූයේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරුන්ය.

විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි.

ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද පෙරවරුවේ ආරම්භ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...