දේශීය පුවත්

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යුතු බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(27) කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි පත්‍රිකා දශලක්‍ෂයක් බෙදාහැරීමේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඇරඹූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවලිය අනුව, යුරෝපා සංගමය GSP+ බදු සහනය ලබා දෙන්න දාපු කොන්දේසිය අනුව, දෙමළ බෙදුම්වාදීන් දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ ෆෙඩරල් ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට අදාළ මූලික කෙටුම්පත පසුගිය සතියේදී අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එම මූලික කෙටුම්පත අනුව සැකසෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් එමගින් ඉතා පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාව කැබලිකරණයට ලක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මහජනතාවට අනතුරු අඟවලා, එම බෙදුම්වාදී ව්‍යවස්ථාව රැගෙන එන එක වැළැක්වීමට ජනතාව සටන්කාමීව, විරෝදාරව පෙරට ගෙන ඒම වෙනුවෙන් තමයි අපි මේ දැනුම්වත් කිරීමේ පත්‍රිකා දශලක්‍ෂයක් රට පුරා බෙදාහැරීමේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ. දැනටමත් අපි මේ පිළිබඳව රට පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ද දියත් කරනු ලැබ තිබෙනවා. දිවි පුදා මේ මව් පොළොවේ ඒකීයභාවය රැක දුන් රණවිරුවන් වෙනුවෙන්, අපි මේ ආණ්ඩුවේ ෆෙඩරල් ව්‍යවස්ථා මෙහෙයුම පැරදවීම සඳහා කළ හැකි සියල්ල සිදු කරනවා.

බෙදුම්වාදය පිළිබඳව මේ රටට ඉගැන්වූවේ, ෆෙඩරල්වාදයෙන් මේ රටට සිදු වන අගතිය කල් තියා පෙන්වා දුන්නේ, රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත දෙයක් ලෙස සලකපු රෝහණ විජේවීර සහෝදරයායි. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වයට අපි කියනවා ‘විජේවීර සහෝදරයාගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව හිට ගන්න. එහෙම නොකළොත් ඔබලා පිටුපාන්නේ රටට වගේම පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාටයි.‘ කියලා.

‘ඔබේ ඉරණම තීරණය වන, මේ රට කැබැලි කරන කෙටුම්පත දැන් තිබෙනවා පාර්ලිමේන්තුවේ. ඒ කෙටුම්පත මේ රටේ මූලික නීතිය බවට පත් වීමට ඉඩ දුන්නොත් අහිමි වෙන්නේ ඔබේ දරුවාගේ අනාගතයයි. පළාත් සභාවලට ඉඩම්, පොලිස්, පරිපාලන ඇතුළු සියලු බලතල ලබා දෙන, මධ්‍යම ආණ්ඩුව මදය නැති ගෙඩියක් බවට පත්වන ව්‍යවස්ථාවක් තමයි නිර්මාණය කරමින් සිටින්නේ. ඒ නිසා ඊට එරෙහිව මුළු වෙර යොදා සටන් වැදීමට පෙරට එන්න’ කියා අපි දෑහිතකාමී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...