දේශීය පුවත්

ඇතම් මහනායක හිමියන්ගේ ක්‍රියා කලාපයන් අනුව ඉදිරියේදි TNA ජාතික ලැයිස්තුවෙන් මහනායක හිමියන් පාර්ලිමේන්තුව එයිදැයි සැකයක් මතුවන බව රාවණා බලයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පෙන්වා දෙති.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ සුව දුක් විමසීම සඳහා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියාහ.

“පහුගිය දවස්වල අපිට දැක්ක දේවල් එක්ක ඉදිරියේදි ටී එන් ඒ ජාතික ලැයිස්තුවෙන් මහනායක හාමුදුරු කෙනෙක් පාර්ලිමේන්තු එයිද කියන බයකුත් අපි සතුව තියනවා. හේතුව තමයි ටී එන් ඒ දරන මතයම දරන මහනායක ස්වාමින් වහන්සේලාත් මේ රටේ ඉන්න එක ගැන පොඩි සැකයක් තියනවා. පහුගිය දවසක මල්වත්ත මහනායක හිමියන් ලගට ගියාම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා සත පහකට ගන්න ගත්තේ නැති තත්ත්වයක් දකින්න තිබුණා, පහුවෙනිදා යනවා වියන්ගොඩලා. වියන්ගොඩලා ගියාම හරියට නෑදෑයෙක් ආවා වගේ පිළිගත්තේ. පිළි අරගෙන කියනවා ඔබතුමාගේ මතයේ තමයි අපිත් ඉන්නේ කියලා. එතුමාල ඉන්නේ වෙන මතයක නේ. NGO නඩ සල්ලි වලට රට පාවලා දෙන ජාතියේ බඩු. ඒනිසා ඒ බඩුත් එක්ක ඉන්නවා කියන්නේ අපි ඉතින් අමුතුවෙන් මහනායක හාමුදුරුවෝ ගැන නිර්වචන දෙන්න ඕන නැහැ කියන එක තමයි අපි කියන්නේ. ඒ වාගේම තමයි මල්වත්තට අයිති පන්සල් මේ රට පුරාම තියනවා. ඒ හාමුදුරුවෝත් දැන් සාකච්ඡා කරමින් ඉන්නවා මල්වත්තත් එක්ක ඉන්නවාද නැද්ද කියලා,” යනුවෙන්න් සද්ධාතිස්ස හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...