ව්‍යාපාරික පුවත්

වර්ධනය නොවූ ප්‍රාග්ධන වෙළෙඳපොළ මගින් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අඩුකර ඇති බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පසුගිය දා දියත් කරන ලද ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්මෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කොට ඇත.

“දකුණු ආසියාවේ ඇති ප්‍රධාන කොටස් වෙළෙඳපොළ හතර අතුරින් අවම ප්‍රාග්ධනීකරණය ඇත්තේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ තුළ පවතින සීමිත ධාරිතාව සහ එහි ප්‍රමාණය සැලකිය වුතු වත්කම් පදනම් සහිත පෞද්ගලික අංශයේ විශාල ආයෝජකයන් කලාපීය අනෙක් කොටස් වෙළෙඳපොළවල මූලික හිමිකම් නිකුතු, අරමුදල් වෙත යොමු කිරීමට ප්‍රබල හේතුවේ.“

“සංස්ථාපිත ණය සුරැකුම්පත් වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන් බැංකු, මූල්‍ය සහ රක්ෂණ අංශයන්ගෙන් සමන්විත වන අතර ද්විතීයික වෙළෙඳපොළ කටයුතු සීමාසහිත වීමෙන් දිගුකාලීන යටිතල පහසුකම් මූල්‍යයනය කිරීමේ අවශ්‍යතාවන්ගේ වැදගත්කම නොසලකා හැරීමට සිදුවේ. පෞද්ගලික ප්‍රාග්ධන හා ව්‍යවසාය ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු ඉතා ආරම්භක අවධියක පවතී.“

මේ අතර රජය විසින් ප්‍රාග්ධන වෙළෙඳපාළ නියාමන පරිසරය දියුණු කරනු ලබන බව මෙම ආර්ථික දැක්මෙහි වැඩිදුරටත් සඳහන් වේ. ඊට අනුව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන සභා පනත සහ සාමූහිකරණය කිරීමේ බිල්පත සංශෝධනය කිරීම සහ විශාල පාරිභෝගික පිරිසක් වෙත ආයෝජන ගලා යෑමට පහසුකම් සලසමින් ව්‍යුත්පන්න සහ භාණ්ඩ වෙළෙඳාම සඳහා වන නියාමන පුළුල් කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිතය.

තවද පෞද්ගලික අංශයේ ආයේජන සඳහා සහාය දැක්වීමට වෙළෙඳපොළ පදනම් කරගත් ප්‍රතිසංස්කරණ දිරිමත් කරනු ලබන බව මෙම ප්‍රකාශනයෙහි සඳහන් වේත සෘජු විදේශීය ආයෝජන සහ විවිධාංගීකරණය වූ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින නෛතික හානියාමන රාමුව නිවැරදි කිරීම, මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සහ ආයතන වැදගත් වන බව එහි අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...