විදේශ පුවත්

ඇමෙරිකාවට එරෙහිව යම් පහරදීමක් සිදුකිරීමට උතුරු කොරියාව සූදානම් වන්නේ නම් ඔවුන් වඩාත් සූදානමින් සිටිය යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

උතුරු කොරියාව විසින් ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත ආසන්නයට දිගුදුරු බැලස්ටික් මිසයිල 4ක් එල්ල කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බව පැවසීමත් සමග ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

මේ අතර, ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්සි මැටිස් පවසා සිටියේ උතුරු කොරියාව ඇමෙරිකාව සමග සටනකට එලඹීම මහා විනාශයක් ඇති කරනු ඇති බවයි.

යම් ලෙසකින් උතුරු කොරියාව ඇමෙරිකානු දූපතට මිසයිල ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට ප්‍රතිචාර ලෙස උතුරු කොරියාවට එරෙහි යුද්ධයකට තමන් සූදාමින් සිටින බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා තිබේ.

උතුරු කොරියාව දිගුදුර බැලස්ටික් මිසයිල ද්විත්වයක් අත්හදා බැලීමට පසුගිය මාසයේදී කටයුතු කිරීමත් සමග මෙම කලාපයේ උණුසුම් තත්ත්වය වර්ධනය වී තිබේ.

එමෙන්ම, මෙම මිසයිල අත්හදා බැලීම්වලට එරෙහිව උතුරු කොරියාව වෙත දැඩි සම්බාධක පැනවීමක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කටයුතු කළේ ඒකච්ඡන්දයෙනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...